[මෙය New Sri Lankan president calls snap elections යන මැයෙන් 2024 සැප්තැම්බර් 26 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
පසුගිය අඟහරුවාදා (24) සවස, ශ්‍රී ලංකාවේ අලුතින් තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක, එදින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැර නොවැම්බර් 14 වැනි දින හදිසි මහ මැතිවරනයක් කැඳවමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කලේය. ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) සහ එහි මැතිවරන පෙරමුන වන ජාතික ජන බලවේගයේ (ජාජබ) නායක දිසානායක, සෙනසුරාදා (21) පැවති මැතිවරනයෙන් විධායක ජනාධිපති ලෙස තේරී පත් වූ අතර සඳුදා (23) දිවුරුම් දුන්නේය.
ලබන වසරේ මැද භාගය වන විට පැවැත්වීමට නියමිත මැතිවරනය ඉක්මනින් කැඳවීමේ සිය අභිප්‍රාය දිසානායක පුන පුනා අවධාරනය කර තිබුනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කරන ලද දැඩි කප්පාදු පියවර ක්‍රියාවට නැංවීම සඳහා, ජවිපෙ/ජාජබ සඳහා පැහැදිලි පාර්ලිමේන්තු බහුතරයක් සහිත “ස්ථාවර” ආන්ඩුවක් පිහිටුවීමට ඔහුට අවශ්‍ය වේ.
පුද්ගලීකරනය, ලක්ෂ ගනනක් රාජ්‍ය අංශයේ රැකියා විනාශ කිරීම සහ අත්‍යාවශ්‍ය සේවාවන් ගැඹුරින් කප්පාදු කිරීම ඇතුලත් ජාමූඅ න්‍යාය පත්‍රය, පුලුල්ව පැතිර යන සතුරුකම ක් සහ විරෝධය ක් අවුලුවාලනු ඇ ති බව දිසානායක සහ ඔහුගේ ජවිපෙ/ජාජබ හොඳින් ම දනී.
යන්තම් වසර දෙකකට පෙර 2022 දී, රට නය ගෙවීම පැහැර හැරීමෙන් පසු මහජන නැගිටීමක් හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පලා යාමට සහ ඉල්ලා අස්වීමට සිදුවිය. මිලියන ගනනක් කම්කරුවන්, තරුනයින් සහ ගම්බද දුගීන්, උග්‍ර හිඟයත්, ආහාර, ඉන්ධන සහ ඖෂධවල මිල අහස උසට නැගීමත්, දීර්ඝ දෛනික විදුලි කප්පාදුවත් නිසා වැඩ වර්ජන හා විරෝධතා තුලින් වීදි බටහ.
පාර්ලිමේන්තුව හරහා ප්රජාතන්ත්ර විරෝධී ආකාරයට ජනාධිපති ලෙස බලයට පත් වූ රනිල් වික්‍රමසිංහ, ඩොලර් බිලියන 3 ක ඇප නයක් සඳහා ජාමූඅ සමඟ ගිවිසුමක් අත්සන් කර එහි දරුනු පියවර ක්‍රියාත්මක කිරීමට පටන් ගැනීම, තව තවත් ම හා වැඩ වර්ජන සහ විරෝධතා අවුලුවාලීය. වෘත්තීය සමිති, විශේෂයෙන්ම ජවිපෙ විසින් නායකත්වය දෙන වෘත්තීය සමිති, යලි යලිත් පුපුරා ගිය කාර්මික ක්‍රියාමාර්ග සීමා කිරීමටත්, පාවා දීමටත් තීරනාත්මක භූමිකාවක් ඉටු කලහ.
ජවිපෙ අවසානයේ දිසානායකගේ ජයග්රහනයෙන් වැඩකරන ජනතාව මුහුන දෙන ගැටලු විසඳෙනු ඇතැයි කියමින් මැතිවරනයට පෙර සියලු වැඩවර්ජන සහ විරෝධතා නවතා දැමීය. ඒ අතරම, මැතිවරන උද්ඝෝෂනය තුලදී, ජවිපෙ/ජාජබ, ජාමූඅ සමග කොන්දේසි යලි සාකච්ඡා කිරීමට උත්සාහ කරන අතරතුර, එහි දැඩි ක්‍රියාමාර්ග ක්‍රියාවට නංවන බවට දිසානායක මහා ව්‍යාපාරිකයින්ට සහ විදේශීය ආයෝජකයින්ට සහතික විය.
දැනට මන්ත්‍රීවරුන් 225 කින් යුත් පාර්ලිමේන්තුවේ ජවිපෙ/ජාජබ ට සිටින්නේ මන්ත්‍රීවරුන් තිදෙනකු පමනි. “වාමාංශික” සහ “මාක්ස්වාදී” ලෙස මාධ්‍ය තුල ව්‍යාජ ලෙස හුවා දක්වන ජනතා විමුක්ති පෙරමුන මීට පෙර කිසි දිනක බලය ගෙන නැත. 1966 දී මාඕවාදය/කැස්ත්‍රෝවාදය සහ බෙදුම්වාදී සිංහල ජනතාවාදයේ පදනම මත පිහිටුවන ලද එය, 1990 ගනන්වල සිට කොලඹ දේශපාලන සංස්ථාපිතයට ඒකාග්ර වීමට පෙර සිංහල තරුනයන්ගේ විනාශකාරී සන්නද්ධ නැගිටීම් දෙකකට නායකත්වය දුන්නේය. 21 වන දා පැවති ඡන්ද විමසීමේදී, 2019 ජනාධිපතිවරනයේදී ලබා ගත් යන්තම් සියයට 3.8 ට සාපේක්ෂව, ජවිපෙ හි සංස්ථාපිත විරෝධී මූනත්තහඩුව විකුනාගත් දිසානායකට පලමු මනාප ඡන්දවලින් සියයට 42 ක් ලැබිනි.
ජනතා විමුක්ති පෙරමුන මහා ව්‍යාපාරිකයන්ගේ සහ ජාත්‍යන්තර මූල්‍ය ප්රාග්ධනයේ තවත් දේශපාලන මෙවලමක් බව අවබෝධ වීමට පෙර, සහයෝගය රැස්කර ගැනීමේ මංමුලා සහගත උත්සාහයක් ලෙස දිසානායක ඉක්මන් මැතිවරනයක් කැඳවා ඇත. ජවිපෙ/ජාජබ ට රටේ ව්‍යවස්ථාව වෙනස් කිරීමේ හැකියාව ලබා ගනු වස්, තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරයක් ලබා ගැනීමට අවශ්‍ය බව ඔහු ප්‍රකාශ කර ඇත.
දිසානායක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර, ජාජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක වූ හරිනි අමරසූරිය අගමැති ලෙස පත් කලේ ය. ඇය දැනටමත් රටේ තුන්වන අගමැතිනිය ලෙස දේශීය හා ජාත්‍යන්තර මාධ්‍යවල ප්‍රශංසාවට ලක්වෙමින් සිටී.
හිටපු ශාස්ත්‍රාලිකයෙකු වූ අමරසූරියට ජනතා විමුක්ති පෙරමුන තුල දිගු ඉතිහාසයක් නොමැති අතර ඇය එහි සාමාජිකයෙකු ද නො. ඇය විද්වතුන් සහ ව්‍යාපාරික ස්ථර මෙන්ම හිටපු පොලිස් සහ හමුදා නිලධාරීන් කන්ඩායම් එකතු කර දිසානායකගේ 2019 ජනාධිපතිවරන ව්‍යාපාරයට සහභාගී වූ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකි.
2020 මහ මැතිවරනයේදී අමරසූරිය පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ ජාජබ ජාතික ලැයිස්තුවෙනි; එහි දී එක් එක් පක්ෂයට ආසන වෙන් කෙරෙන්නේ මුලු ජාතික ඡන්ද ප්‍රමානයට සමානුපාතිකව ය. ඇයගේ පන්ති පසුබිම, ජවිපෙ විසින් ජාජබ හරහා තමන් වටා රැස්කර ගත් ඉහල මධ්‍යම පන්තික ස්ථරවල ලක්ෂනයන්ගෙන් සමන්විත ය. තේ වතු හිමියෙකුගේ දියනියක් වන ඇය ඇගේ පවුල් පසුබිම හරහා රටේ පාලක ප්‍රභූන් සමඟ සමීප සබඳතා පවත්වයි.
ඇය අගමැති ලෙස පත් කිරීම හරහා දිසානායක පාලක පන්තියටත්, මහා ව්‍යාපාරිකයන්ට මෙන්ම එක්සත් ජනපදයට හා ඉන්දියාවටත්, තම ආන්ඩුව ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට කැපවී සිටින බවට ඉතා පැහැදිලි පනිවිඩයක් නිකුත් කොට ඇත. අමරසූරිය අධිකරන, අධ්‍යාපන, සෞඛ්‍ය සහ වෙලෙඳ අමාත්‍යවරිය ලෙස මෙන්ම තවත් අමාත්‍යාංශ කිහිපයකට ද පත් කර තිබේ.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග, නොවැම්බර් 14 මැතිවරනයේ ප්‍රතිඵල දැනගන්නා තුරු සහ නව පාර්ලිමේන්තුව දිවුරුම් දෙන තුරු, ශ්‍රී ලංකා ආන්ඩුව දැන්—දිසානායක, අමරසූරිය සහ විජිත හේරත් යන—අමාත්‍යවරුන් තිදෙනෙකුගෙන් සමන්විතය. දිසානායක, ආරක්ෂක හා මුදල් මෙන්ම බලශක්ති, කෘෂිකර්ම හා ධීවර යන ප්‍රබල අමාත්‍ය ධුර තමන්ම බාරගෙන ඇත.
පාලක ත්‍රිත්වයේ තුන්වන සාමාජිකයා වන හේරත්, දිසානායක මෙන්ම, ජවිපෙ කනිෂ්ඨ හවුල්කරුවෙකු වූ අගමැතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාග ආන්ඩුවේ 2004-5 වකවානුවේ ඇමතිවරයෙකු ලෙස කටයුතු කල දීර්ඝකාලීන ජවිපෙ සාමාජිකයෙකි. හේරත් සංස්කෘතික කටයුතු සහ ජාතික උරුමයන් පිලිබඳ අමාත්‍යවරයා විය. එනිසා, ආන්ඩුවේ දැඩි ආර්ථික පියවර පැනවීමේ දේශපාලන වගකීම දිසානායක සහ හේරත් යන දෙදෙනාම දරයි.
වත්මන් ත්‍රිපුද්ගල ආන්ඩුව තුල විදේශ කටයුතු සහ මහජන ආරක්ෂාව මෙන්ම බෞද්ධ කටයුතු, ආගමික හා සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂාව, මාධ්‍ය, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා යන වැදගත් අමාත්‍යාංශ ද හේරත්ට පවරා තිබේ.
විධායක ජනාධිපති ක්රමයේ පුලුල් බලතල අනුව, ආන්ඩුවට අයත් මාධ්‍ය ඇතුලු ආන්ඩුවේ ප්‍රධාන ආයතනවලට ද දිසානායක විසින් නව පත්වීම් ලබා දී ඇත. මේවාට රාජ්‍ය යාන්ත්රනයේ ඉහල පරිපාලන තනතුරු—අමාත්‍යාංශ ගනනාවක ලේකම්වරු—ඇතුලත් වේ.
ඔහු විසින් භාන්ඩාගාර ලේකම් ධූරයට නැවත වරක් මහින්ද සිරිවර්ධන ම පත් කිරීම සුවිශේෂී ය. මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන සිරිවර්ධන මීට පෙර ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ භූතානය සඳහා ජාමූඅ හි විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර ඇත. භාන්ඩාගාර ලේකම් ලෙස, සිරිවර්ධනට එම තනතුරේ වසරක දීර්ඝ කිරීමක් පවා ලබා දුන් හිටපු ජනාධිපති වික්‍රමසිංහ විසින් එකඟ වූ ඇප නය කොන්දේසි සම්බන්ධයෙන් ජාමූඅ සමඟ සාකච්ඡා කිරීමේදී ඔහු ප්‍රධාන භූමිකාවක් ඉටු කලේය.
සිරිවර්ධන යලි පත් කිරීම මගින් දිසානායක, ජාමූඅ, විදේශ නයහිමියන් සහ මහා ව්‍යාපාරිකයන්ට, තම ආන්ඩුව ජාමූඅ කප්පාදු න්‍යාය පත්‍රය ක්‍රියාවට නංවන බවට පැහැදිලි සංඥාවක් ලබා දී ඇ ත.
දිනකට පෙර, ජාමූඅ ප්‍රකාශ කලේ, දිසානායක සහ ඔහුගේ කන්ඩායම සමග “2022 දී ශ්‍රී ලංකාව එහි දරුනුතම ආර්ථික අර්බුදවලට ඇතුල් වීමෙන් පසු ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් ප්‍රකෘතිමත් වීමේ මාවතට ගෙන ඒමට උපකාර වූ දුෂ්කර ජයග්රහන මත යලි ගොඩනැගීමට අපේක්ෂා කරන” බවයි.
“ප්‍රායෝගිකව හැකි ඉක්මනින්” ශ්‍රී ලංකාව තුල සිය වැඩසටහනේ තුන්වන සමාලෝචනය සිදුකරන දිනය පිලිබඳව ආන්ඩුව සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද ජාමූඅ පැවසීය. දැනටමත් විරෝධය අවුලුවා ඇති වික්‍රමසිංහ ගෙන යන පියවර, ජාමූඅ ඉල්ලා සිටින දෙයෙහි ආරම්භය පමනි. දිසානායකට රාජ්‍ය ව්‍යවසායන් 400 කට වැඩි ප්‍රමානයක් විකිනීමේ හෝ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යයේ නියැලෙන ලෙසත්, බදු තවත් වැඩිකරමින් සහ රාජ්‍ය වියදම් විශාල වශයෙන් කප්පාදු කරන ලෙසත් ජාමූඅ අවධාරනය කරනු ඇත.
ගෝලීය ශ්‍රේනිගත කිරීමේ ආයතනයක් වන මූඩි හි ප්‍රකාශයක්, දිසානායක ආන්ඩුව ජාමූඅ “ප්රතිසංස්කරන” න්‍යාය පත්‍රයට අනුගත වනු ඇති බවට විශ්වාසය පල කලේය. “දිසානායක තේරී පත්වීම ශ්‍රී ලංකාවේ දේශපාලන භූ දර්ශනයේ ප්‍රධාන පෙරලියක් ඇති කර ඇති අතර, ප්රතිසංස්කරන සඳහා වූ පුලුල් රුචිය නොවෙනස්ව පවතිනු ඇතැයි අපි විශ්වාස කරමු. පවතින නය ප්‍රතිව්‍යුහගත කිරීම් සහ ව්‍යුහාත්මක ගැලපීම් ඇතුලත් රටේ ප්රතිසංස්කරන න්‍යාය පත්‍රයට හෝ සාර්ව ආර්ථික ප්‍රතිපත්තිවලට සැලකිය යුතු බාධාවක් සිදුවනු ඇතැයි අපි අපේක්ෂා නොකරමු.”
වඩා හොඳ ජීවන තත්වයන් පිලිබඳ පොරොන්දු කුනු කූඩයට දමමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීම් ක්‍රියාවට නංවමින් සහ ඕනෑම විරුද්ධත්වයක් හෝ විවේචනයකට එරෙහිව පොලිස් රාජ්‍ය පියවරයන් වෙත යොමු වන විට, කම්කරු පන්තිය නව ජවිපෙ/ජාජබ ආන්ඩුව සමග ගැටුමකට ඒමට නියමිත ය.
ජවිපෙ ඇතුලු කොලඹ දේශපාලන සංස්ථාපිතයේ සියලුම පක්ෂවලට එරෙහිව සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ එහි අපේක්ෂක පානි විජේසිරිවර්ධන, ලෝක යුද්ධය දෙසට වන තල්ලුව, නිර්දය කප්පාදු පියවර සහ ඒකාධිපති පාලන ආකාර කරා ගමන් කිරීම නැවැත්වීමේ එකම මාධ්‍යය ලෙස සමාජවාදී හා ජාත්‍යන්තර වැඩපිලිවෙලක් සඳහා උද්ඝෝෂනය කලේය.
දිසානායකට, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහ ඉන්දියාවේ සිට දේශපාලන නායකයින් සහ කොලඹ මාධ්‍ය දක්වා ද විවිධ ව්‍යාජ වාමාංශ දක්වා ද පිරිස් වලින් පැමිනෙන සුබපැතුම් සජ්ජායනයට ප්රතිකූලව, මෙම ආන්ඩුව කම්කරු පන්තියට එරෙහි ප්‍රහාරය ගැඹුරු කරනු ඇති බවට සසප අනතුරු අඟවයි.
සැප්තැම්බර් 23 දාප්රකාශයට පත් කරන ලද ලෝසවෙඅ ඉදිරිදර්ශනයේ සඳහන් පරිදි, “සසප දැන් ජවිපෙ ආන්ඩුවේ ප්‍රහාර වලට මුහුන දීමටත්, අරගලය ඉදිරියට ගෙන යාමටත්, යුද්ධයට, ජාමූඅ කප්පාදුවට එරෙහිව සහ සමාජ සමානාත්මතාවය සඳහා, එනම් විප්ලවවාදී සමාජවාදය සඳහා ග්‍රාමීය ජනතාව සහ අනෙකුත් පීඩිතයින් ඒ පිටුපස පෙලගස්වා ගනිමින් ස්වාධීන දේශපාලන බලයක් ලෙස කම්කරු පන්තිය එක්සත් කිරීමේ හා බලමුලු ගැන්වීමේ අරගලය වර්ධනය කරනු ඇත.”