සමාජවාදී සමානතා පක්ෂය (සසප) නොවැම්බර් 14 දා ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත මහ මැතිවරනයට තරඟ වදී.

සසප මෙම පාර්ලිමේන්තු මැතිවරනයට මැදිහත් වන්නේ, යුද්ධයට, කප්පාදුවට සහ ආඥාදායක පාලන ක්‍රම වෙත හැරීමට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය මත පදනම් වූ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට ය.

වර්ධනය වන ක්‍රියාකාරී කමිටු ජාලයක් මත පදනම්ව, කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමේ ව්‍යාපාරයක් සසප විසින් 2022 ජූලි මාසයේදී ආරම්භ කරන ලදී. එය, කම්කරු පන්තියට හා පීඩිත ජනතාවට තම අරගල ඒකාබද්ධ කිරීමේ, ඉල්ලීම් සූත්‍රගත කිරීමේ සහ පාර්ලිමේන්තුව, විධායක ජනාධිපති ක්‍රමය ඇතුලු ධනේශ්වරයේ සියලු පක්ෂ හා ආයතනවල පන්ති බලයට එරෙහිව ක්‍රමානුකූලව විරුද්ධ වීමේ මාධ්‍යයක් ලෙස සේවය කරනු ඇත.

වසර දෙකකට පසුව සහ ජවිපෙ/ජාජබ ආන්ඩුවකට එරෙහිව කම්කරු පන්තිය පුපුරන සුලු අරගලවලට පැමිනෙනු ඇති කොන්දේසි යටතේ, ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම සහ කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් කැඳවීම සඳහා වන අරගලය වඩාත් හදිසි වේ.

සසප මැතිවරන ප්‍රකාශය කියවන්න
කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ඉලක්ක කර ගත් කම්කරු පන්තියේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගනු!

සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශන අංශය වන කම්කරු මාවත ප්‍රකාශකයෝ විසින් පල කෙරුනු ලැබුනු ට්‍රොට්ස්කිවාදී පොත්පත්වල මිල ගනන් සහ මිල දී ගැනීමේ වැඩි විස්තර සඳහා මෙම සබැඳියට පිවිසෙන්න.

2022 මහජන අරගලයේ පාඩම්
ගෝලීය යුද වීරෝධී ව්‍යාපාරයක් ගොඩනගනු!
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල එපා! විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කරනු!
ආඥාදායක පාලන රූපයන්ට එරෙහි වනු! සසපට එරෙහි රාජ්‍ය හිරිහැර නතර කරනු!
මහමැතිවරනයට ඉදිරිපත් වන කම්කරු පන්තික නායකයෝ

අපි මැතිවරන දිස්ත්‍රික්ක තුනක—ප්‍රධාන නගරය වන කොලඹ, උතුරේ යාපනයේ සහ මධ්‍යම වතුකරයේ නුවරඑලියේ—අපේක්ෂකයින් 41 ක් ඉදිරිපත් කරන්නෙමු. සසප දේශපාලන කමිටු සාමාජිකයින් වන විලානි පීරිස්, පී.ටී. සම්බන්ධර් සහ එම්. තේවරාජා පිලිවෙලින් මෙම දිස්ත්‍රික්කවල අපගේ මැතිවරන අපේක්ෂක කන්ඩායම් වල නායකයන් වේ.

වැඩිදුර කියවන්න
සසප මැතිවරන උද්ඝෝෂනයට සහය වීමට සසප මැතිවරන කමිටුවක් සමග එකතු වන්න!

අප අමතන්න: 0773562327

Some content

මෑත කාලීන ලිපි